Sunday, February 7, 2010

විනෝදාංශය ගස් නැගීම..!

මගේ චූටි දුවගේ විනෝදාංශය ගස් නැගීමලු. මම ඒ බව දැන ගත්තේ එයා පේර ගහකින් වැටිල අත කඩාගෙන ළමා රෝහලේ ඉන්නැද්දියි. එයාව බලන්න ආපු මගේ යාළුවෙක් කීවේ. එයත් එක්ක කියල. අපි දන්නෙත් නෑ.
චූටි දුව දුල්ෂි. දැන් වයස අවුරුදු 8 යි. පවුලේ බාලයානේ. ඉතින් කාගෙත් හුරතලා. එයත් හැමෝටම ආදරෙයි. ඉතින් හැමෝටම දුකයි එයාට වුන දේ ගැන.
මේකයි වුණේ. එයා පාසැල් ඇරිල එන්නේ 3.30ට විතර. වෑන් එකෙන් බැහැල එන ගමන්ම, බෑග් එකයි වතුර බෝතලෙයි ගහ මුලින් තියල ගහකට ගොඩ වෙලා අම්මේ මම ආව කියල කෑ ගහනවා. එතකොට අපි කවුරු හරි ගිහින් එක්කගෙන එනවා. නාල කාල ඉව‍ර වෙලා එයාගෙ යාළුවෝ එක්ක; ඒ කියන්නේ කෝජිතයි (එයාගේ නැන්දාගේ පුතා) සුසරයි (එයාගේ ඥාති අක්ක කෙනෙක්ගේ පුතෙක්) එක්ක සෙල්ලමට යනවා. වැඩිපුර ගස්වල තමා. එදා ඒ කියන්නේ 2දා කෝජිත හිටියෙ නෑ, සුසරත් එක්ක පේර කඩන්න ගිහින්. ටිකක් උඩදි ලිස්සල වැටිල. වැටෙනවා දැකල තියෙනවා එයාගෙ අයියා. චිරාන්. එයා නංගි වැටුනා කියල කෑ ගහද්දි ලොකු දුව විදුෂි දුවගෙන ගිහින් නංගි ළඟට. ඇඬුවේ නෑ. බලද්දි අත ඉදිමෙනවා. ඒ ගමන වෙදකමේ ගෙන ගියා.
කොහොම හරි දවස් දෙකක් රෝහලෙත් ඉඳල ගෙදර ආවේ. අද තමා හිතට නිදහසුක් දැනුනේ. ඉතින් ලියල තියන්න හිතුනා.

6 comments:

  1. ඔයින් ගියා මදැයි...

    ReplyDelete
  2. කෙල්ල මාරයිනේ.

    ඇති යන්තම් ඔයින් බේරුණා.

    පොඩි වුන්නේ

    ReplyDelete
  3. මං දන්න ගෑනු ළමයෙක් ඉන්නව. කොහේ ගියත් ගහක් දැක්කොත් ඉතිං ඒක උඩ තමා..

    ReplyDelete
  4. ළමා කාලෙ හින්ද .... දගලන්න ඔනා ... නැත්නම් ඉතින් වැඩක් නැහැ .... එත් අත කැඩුන එකට මටත් දුකයි ...

    ReplyDelete
  5. බලාගෙන ලොකු අනතුරක් කරගත්තොත් ඉදල වැඩක් නෑ නේද

    ReplyDelete
  6. All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

    ReplyDelete