අද රට යන්නේ මීට වසර 15-20 ට පෙර අපේ රටේ අධ්‍යාපනය කපා දුන් පාර දිගේය. ඒ කාලයේ; අපි ඉලෙන ගන්නා කාලයේ අපිට දැනුන දෙයනම් ඉගෙනීම හැර විකල්පයක් අපට නොමැති බවයි. එබැවින් අපි සිතුවේ අපට ලබා ගැනීමට නොහැකි වූ දේ අපේ දරුවන්ට ලබා දීමට නම් ඔවුනට කෙසේ හෝ ඉගැන්විය යුතුය කියාය. ඒ නිසා අපේ යුගයේ දෙමාපියන්ගේ; විශේෂයෙන් අම්මලාගේ රාජකාරිය වී ඇත්තේ දරුවන්ට ඉගැන්වීමය. ඒ නිසා අද මගේ පරම්පරාවේ කාන්තාවන්ගෙන් බහුතරයක් දවස ගෙවන්නේ අධ්‍යාපන ස්ථාන අසලය. උදේ වරුවේ පාසල් අසලය. සවස් වරුවේ ටියුෂන් පන්ති අසලය. රාත්‍රියේ කණ්ඩායම් පන්ති ළඟය. නැතිනම් ගුරුවරයෙකුගේ ගෙදරය.
අද රටේ සංවර්ධනයට යෙදවිය යුතු ශ්‍රම ශක්තිය රටේ අනාගතය වෙනුවෙන් කැප කර ඇත. ඒ අපේ රට යන අතයි. මම වගේම රට හැදීමට ළමයි හදන අම්මලා රට හදන්න දායක වන්නේ එසේය. එහෙත් අපේ මහන්සිය තරමට ප්‍රථිඵල තියෙනවාද? මට තිබෙනා ප්‍රශ්නය එයයි. ඇත්තටම අද අපි ලබා දෙන අධ්‍යාපනයෙන් රටේ අනාගතය හැදෙනවාද?
No comments:
Post a Comment